ඖෂධ ඇත්තේ මාස 2කට පමණයි - ඖෂධ හිඟයක අවදානමක්

ඖෂධ ආනයන සමාගම් සතුව මේ වන විට ඇත්තේ මාස දෙකකට ප්‍රමාණවත් තොග පමණක් බව ඖෂධ ආනයනකරුවන් පෙන්වා දෙනවා.
දැනට ආරක්ෂක තොග පවත්වාගෙන යමින් ඖෂධ ඇනවුම් කළ ද ණයවර ලිපි විවෘත කිරීමේ දී සිදුවන ප්‍රමාදය හේතුවෙන් ඉදිරියේ දී ඖෂධ සම්බන්ධ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
රජයේ රෝහල්වල මේ වන විට ඖෂධ හිඟයක් නොපැවතිය ද ඖෂධ ආනයන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් නොවුණහොත් ඉදිරි මාස කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් මතුවනු ඇත.
799 Views
Comments