සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක්

සහල් මිල පාලනයට අදාළව ගැසට් නිවේදනයක් අද නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ පිටකොටුව තොග වෙළඳපොලේ අද සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලටම තොග වෙළඳපලට සහල් සපයන තත්ත්වයක් පවතින බවයි.
එය පාලනය කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු කියා සිටියා.
මේ අතර, පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එළවළු අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් කල්පිටිය ආර්ධද්වීපයේ ගොවීන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව වාර්තා වනවා
655 Views
Comments