කඨින පින්කම් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

කඨින පින්කම් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

කඨින පින්කම් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

මේ දිනවල සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය.

 

ඒ මහතා පැවසුවේ එකී ආගමික කටයුත්ත පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති නමුත් වසරකට වරක් සිදුකෙරෙන මෙම මහඟු පින්කමට දායක වීමට බෞද්ධ ජනතාවට ඉඩ සලසාදීම සඳහා එම පින්කම් කටයුත්ත නැවැත්වීමට පියවර නොගන්නා බවයි.

 

 

views

786 Views

Comments

arrow-up