යතුරුපැදියේ ආ කොල්ලකරුවෝ පාසල නිමවා යමින් සිටි ගුරුවරියගේ සේසතම කොල්ලකාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

යතුරුපැදියේ ආ කොල්ලකරුවෝ පාසල නිමවා යමින් සිටි ගුරුවරියගේ සේසතම කොල්ලකාලා

යතුරුපැදියේ ආ කොල්ලකරුවෝ පාසල නිමවා යමින් සිටි ගුරුවරියගේ සේසතම කොල්ලකාලා

පාසල නිමවී තම නිවසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ගුරුවරියකගේ ගමන් මඟ හරස් කර නවතා යතුරුපැදියට පොල්ලකින් පහරදී ගුරුවරිය මරාදමන බවට බියගන්වා ගෙල බැඳි රන් මාලය කඩා ගෙන, මංගල මුදුව ඇතුළු ලක්ෂ පහකට ආසන්න රන් බඩු බලහත්කාරයෙන් ගලවාගෙන දිවගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (10) විමර්ශනයක් ආරම්භ කළ බව ඉපලෝගම පොලිසිය කියයි.

 

ඉපලෝගම පොලිස් වසමේ පල්ලේකාගම හිරිපිටියාවට හැරෙන හන්දිය ආසන්නයේදී මෙම කොල්ලකෑම සිදුව ඇත.

 

එම ප්‍රදේශයේම පාසලක ඉගැන්වීම් කටයුතු සිදු කරන මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක ගුරුවරියක් විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

 

පල්ලේකාගම මාර්ගයේ කැලෑ පෙදෙසක සිට පොලු දෙකක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස් කළ අවස්ථාවේදී, යතුරුපැදිය ක්‍රියා විරහිත වූ බවත්, එක් පුද්ගලයකු තම යතුරුපැදිය ඉල්ලා පසුව යතුරුපැදියට පොල්ලකින් පහර දී මැෂින් කට් වර්ගයේ 187,000ක් වටිනා රන් මාලය කඩාගත් බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

 

පසුව පොල්ලක් රැගත් අනෙක් පුද්ගලයා තමාව බිය ගන්වා රුපියල් 225,000ක් පමණ වටිනා මංගල මුදුව සහ රතු පැහැති ගල් ඇල්ලූ මුදුව බලහත්කාරයෙන් ගලවාගෙන නැවත කැලේට දිවගිය බව පැමිණිලිකාර ගුරුවරිය කළ පැමිණිල්ලේ තවදුරටත් සඳහන්ව ඇත.

 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් අරඹා ඇති බව ඉපලෝගම පොලිසිය පවසයි.

views

259 Views

Comments

arrow-up