දිස්ත්‍රික්ක තුනකට වී වගාවට අවශ්‍ය යූරියා පොහොර එකවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

දිස්ත්‍රික්ක තුනකට වී වගාවට අවශ්‍ය යූරියා පොහොර එකවර

දිස්ත්‍රික්ක තුනකට වී වගාවට අවශ්‍ය යූරියා පොහොර එකවර

වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර සම්පූර්ණ ප්‍රමාණයම මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 03ට එකවර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

 

මේ වන විටත් දිවයිනේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් සඳහා අවශ්‍ය පොහොර ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

එසේම නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 03 හැර අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලට ම දෙවන සහ තුන්වන පොහොර මුර සඳහා අවශ්‍ය යූරියා පොහොර සමඟ එම්.ඕ.පී හෙවත් මඩ පොහොර එකවර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මඩකලපුවේ පිහිටි ලංකා පොහොර ගබඩාවෙන් යූරියා පොහොර නිකුත් කිරීම ද අද (05) දින සිදු කෙරෙන බවයි.

 

views

197 Views

Comments

arrow-up