ජීප් රථයක් සමඟ තරුණයෙකුට මොණරාගල දී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

ජීප් රථයක් සමඟ තරුණයෙකුට මොණරාගල දී අත්අඩංගුවට

ජීප් රථයක් සමඟ තරුණයෙකුට මොණරාගල දී අත්අඩංගුවට

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී නීති විරෝධීව එක්ලස් කළ ජීප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොන්ටේරෝ වර්ගයේ මෙම ජීප් රථය පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

 

එහි දී එම ජීප් රථයේ වැසි අංකය යොදා ඇති කොටස සහ බඳ කොටස බද්ද කර ඇති බවට අනාවරණය වී තිබේ.

 

එසේ ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු සමඟ සැසඳීමේ දී එම රථයේ ලියාපදිංචි තොරතුරු ව්‍යාජ බවට අනාවරණය වී තිබේ.

 

මෙම සිදුවීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

 

 

views

187 Views

Comments

arrow-up