බදියුදීන්ගේ තවත් මස්සිනා කෙනෙක් දැරියක දූෂණයකර වසර 15ක් හිරේ ඉඳලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

බදියුදීන්ගේ තවත් මස්සිනා කෙනෙක් දැරියක දූෂණයකර වසර 15ක් හිරේ ඉඳලා

බදියුදීන්ගේ තවත් මස්සිනා කෙනෙක් දැරියක දූෂණයකර වසර 15ක් හිරේ ඉඳලා

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳවන ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සහෝදරයෙකු බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරුවී 2007 වසරේ මැයි මස 29 වැනිදා අධිකරණය මඟින් සිරදඬුවම් නියමකර තිබේ.


 
 මොහොමඩ් හනීෂ් නමැති මෙම පුද්ගලයාට කොළඹ අංක 01 මහාධිකරණය මඟින් වසර පහළොවක සිර දඬුවමක් නියම කර ඇති අතර ඒ අනුව ඔහු සිරකරු අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට තිබේ. එසේ සිර දඬුවම් විඳිමින් සිටි ඔහු ඉකුත් 2016 වසරේදී දඬුවම නිමවී බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇතැයි සඳහන්වේ.


 
 රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී අතවරයට පත්ව පිළිස්සුම් තවාල සහිතව මියගිය ඉෂාලිනී ජූඩ් එහි සේවය කළ කාලයේ බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරෙකු එම නිවසේ සිටි බවටද තොරතුරු ලැබී තිබිණි.


 
 ඉෂාලිනී නම් දැරිය දූෂණය කලේ සිරගතව සිට පැමිණි බදියුදීන් බිරිඳගේ සොහොයුරාමදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මොහු මෙසේ බන්ධනාගාරගතව සිටියදී රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයකුව සිටි අතර එම කාල සීමාව තුළ සිය මස්සිනා ඉක්මනින් නිදහස්කරවා ගැනීම සඳහා ඔහුගෙන් බන්ධනාගාර බලධාරීන්ට විවිධ බලපෑම් එල්ලවූ බවද වාර්තාවේ.

views

785 Views

Comments

arrow-up