FEB
05
රංජන්ගේ මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

ලබන 12 වැනිදා දක්වා රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් අද පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා.
ඒ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලා රංජන් රාමනායක විසින් ගොනු කර ඇති පෙත්සම අද දිනයේදී කැඳවූ අවස්ථාවේදී.
මෙම පෙත්සම මෙම මස 11 වෙනිදා යලි කැඳවීමට නියමිතයි.
695 Views
Comments