සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා IDH රෝහලේ සිට ප්‍රකාශයක් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා IDH රෝහලේ සිට ප්‍රකාශයක් කරයි

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා IDH රෝහලේ සිට ප්‍රකාශයක් කරයි

බ්‍රිතාන්‍ය සංවර්ධනය කර ඉන්දියාවේ නිෂ්පාදනයේ කෙරුණු ඊයෙ මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සෞඛ්‍ය අංශයේ සහ ආරක්ෂක සේවාවන්වල නිරත ඉදිරිපෙළ නිලධාරීන් සඳහා ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

 

අමාත්‍යවරිය මේ වන විට තික බෝවන රෝග විද්‍යායතනය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් පළමු එන්නත් කරන වැඩසටහනට සහභාගී වීමට නොහැකි වුවද එන්නත් කරන වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

 

එම නිවේදනයේ මෙසේද සඳහන් ව තිබුණා....

 

මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරසය මර්දනය වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට එන්නත්කරණ වැඩපිළිවෙළක ඇති වැදගත්කම පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ බවත්, ඒ අනුව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය සහ මැදිහත්වීම මත මෙරටට මෙම එන්නත බලා පොරොත්තු වූ කාල සීමාවටත් පෙර ලබාගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ද පැවැසීය.

 

කඩිනමින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුලු කොවිඩ් එන්නත්කරන කමිටුසාමාජිකයින් සියලුදෙනාටත්, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්රතනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු දේශපාලන නායකත්වයටත්, ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරුන් හටත්, සෞඛ්‍ය ලේකම් තුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ටත්, එන්නත ලැබුනු අවස්ථාවේ සිට බෙදාහැරීම් කටයුතු සිදුකරන සහ එන්නත්කරණ වැඩපිළිවෙලට සම්බන්ධ වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියලුදෙනාටත් සිය ස්තූතිය මෙම අවස්ථාවේ පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

 

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අදියර වශයෙන් හෙට දින සිටම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සඳහා එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙරට සියලු ජනතාවට ද එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු සිදුකරන බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීමටසෞඛ්ය අමාත්‍යවරිය ලෙස කැපවී කටයුතු කරන බවද පැවැසීය.

 

views

757 Views

Comments

arrow-up