ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කාරක සභාවෙන් කැඳවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කාරක සභාවෙන් කැඳවීමක්

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කෝප්  කාරක සභාවෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේ පෙනී සිටින ලෙස එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කැඳවීමක් කර තිබෙනවා.

 

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇති.

 

මහනුවර දිස්තික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම පෙබරවාරි 24 වැනිදා සිදුවන බවයි සදහන් වන්නේ.

 

ශ්‍රි ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැළකිල්ලට ගැනීමට නියමිත බවද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

 

 

views

620 Views

Comments

arrow-up