මුදල් අමාත්‍යාංශය මැදිහත් වී රාජ්‍ය අරමුදල් වලට හානි කරනවා - පාඨලී (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

මුදල් අමාත්‍යාංශය මැදිහත් වී රාජ්‍ය අරමුදල් වලට හානි කරනවා - පාඨලී (VIDEO)

මුදල් අමාත්‍යාංශය මැදිහත් වී රාජ්‍ය අරමුදල් වලට හානි කරනවා  -  පාඨලී (VIDEO)

මෙරට කවරදාකවත් නොවූ පරිදි මුදල් අමාත්‍යාංශය මැදිහත් වී රාජ්‍ය අරමුදල් වලට හානි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

 

පාඨලී චම්පික මහතා මේ බව කියා සිටියේ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

 

තව දුරටත් ඒ මහතා කියා සිටියේ මෙම වසරේදී අපේ රට විදෙස් ණය වශයෙන් ඩොලර් මිලියන 7000 ක පමණ මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව ඒ මහා ප්‍රකාශ කරනවා

 

ඔහු පෙන්වා දෙන්නේ මෙම විදේශ ණය ගෙවීම සදහා ආණ්ඩුව විසින් ජනතාවගේ මුදල් අවභාවිත කරන බවයි.

 

මෑතකදී සීනි සහ පොල්තෙල් ගෙන්වීමේදී ගැසට්ටු වෙනස් කරමින් ඒවා ගෙන්වන ව්‍යාපාරිකයින්ට ලාභ ඉපයීමට අවස්ථාව දුන් බවත් එම තොරතුරු රේගුව මඟින් ලබාදීම හේතුවෙන් එම නිලධාරීන්ට තරවටු කරන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

 

 

ජනධිපති රේගුවට තරවටු කරන්නේ දත්ත එලියට ඇවිල්ලා රෙද්ද ගැලවුන නිසා - පාඨලී

Posted by Newshub.lk on Thursday, January 28, 2021

views

712 Views

Comments

arrow-up