නැගෙනහිර ජැටිය වෙනුවෙන් ඉල්ලන්නේ ලේ බිල්ලක් නම් එකත් දෙන්න අපි සුදානම් - මැදගොඩ අභයතිස්ස හිමි (VIDEO )

ජනාධිපතිවරයා රටට ආදරය කරන්නෙක් කියා අප විශ්වාස කරනවා. ඒ නිසාම තමයි අපි එතුමන් බලයට ගෙන ආවේ.
ඒ වෙනුවෙන් නොවිදිනා දුක් වින්දේ. නමුත්, ජනාධිපතිවරයා බලයට ආ පසු, විවිධ කණ්ඩායම් එතුමන් වටකරගෙන සිටින බවක් පෙනෙනවා.
එදා හම්බන්තොට වරාය. අද කොළඹ වරාය. මේ සිද්ධියේ දී මහාසංඝරත්නය හැටියට අපි මොනයම් ම හෝ මිලක්, ප‍්‍රයිස් එකක්, එය ලේ මිලක් නම්, ලේ මිලක් දෙන්න අපි ලෑස්තියි.
අපි මෙය ආරක්ෂාකරගත යුතුම වෙනවා. ජනාදිපති ලේකම්තුමා වගේ පාපතර නිලදාරීන් ලග තියාගෙන ඔහුන්ගේ යටිකුට්ටු වැඩත් එක්ක මෙරට බේරාගෙන ඉදිරියට යන එක අමාරු වැඩක් බව මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා
529 Views
Comments