පාස්කු නඩුව ගැන මෛත්‍රීගේ අභියාචනය අධිකරණය විසින් ඉවත දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

පාස්කු නඩුව ගැන මෛත්‍රීගේ අභියාචනය අධිකරණය විසින් ඉවත දැමේ

පාස්කු නඩුව ගැන මෛත්‍රීගේ අභියාචනය අධිකරණය විසින් ඉවත දැමේ

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන මහතා අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

 

එම අභියාචනා පෙත්සම රුපියල් 21000/- ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ.


 
මෙම නියෝගය සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිකුත් කර තිබේ.


 
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු
108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

views

200 Views

Comments

arrow-up