කුඩා දරුවාගේ පාපැදිය සොරකම් කරලා, අසල්වැසියා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

කුඩා දරුවාගේ පාපැදිය සොරකම් කරලා, අසල්වැසියා අත්අඩංගුවට

කුඩා දරුවාගේ පාපැදිය සොරකම් කරලා, අසල්වැසියා අත්අඩංගුවට

කුඩා දරුවෙකුගේ පාපැදිය සොරකම් කිරීම සම්බන්ධයෙන් යාබද නිවසක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

වේයන්ගොඩ නාරංවත්ත ජය ශ්‍රී මාවත ප්‍රදේශයේ නිවසක දරුවෙකු සිය පාපැදිය මිදුලේ නවතා නිවෙස තුළට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් පාපැදිය සොරකම් කරගෙන ඇත.

 

මෙම සොරකම අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

 

පාපැදිය නැතිවීම පිළිබඳව වේයන්ගොඩ පොලීසියට ලබාදුන් දුරකතන ඇමතුමකට අරමුණ අනුව වහාම ක්‍රියාත්මක වූ වේයන්ගොඩ පොලිස් නිලධාරීන් පැමිණ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව අනාවරණය වී ඇත්තේ ඔහු පාපැදිය එම ප්‍රදේශයේ ම නිවසකට ලබා දී ඇති බවයි.

 

ඒ අනුව මීටර් 300ක පමණ දුරින් පිහිටි එම නිවස වෙත සැකකරුගේ මගපෙන්වීම යටතේ ම ගොස් පාපැදිය සොයාගෙන තිබේ.

 

සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

227 Views

Comments

arrow-up