බීමතින් අශෝභන ලෙස හැසිරුණු සිසුවියට සහ සිසුන් දෙදෙනාට ලැබුණු දඩුවම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
05

බීමතින් අශෝභන ලෙස හැසිරුණු සිසුවියට සහ සිසුන් දෙදෙනාට ලැබුණු දඩුවම

බීමතින් අශෝභන ලෙස හැසිරුණු සිසුවියට සහ සිසුන් දෙදෙනාට ලැබුණු දඩුවම

බීමත්ව අනුරාධපුර නව බස් නැවතුම්පල අසල කුම්බිච්චන්කුලම වැව ආසන්නයේ අශෝබන ලෙස හැසිරෙමින් සිටි බව කියන අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක් සහ සිසුන් තිදෙනකු වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

 

සැකකාර සිසුවියගේ සහ සිසුන් තිදෙනාගේ මව්පියන් නැවත අධිකරණය හමවුට කැඳවන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුවියට සහ සිසුන් තිදෙනාට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු කළේය.

 

මෙලෙස ඇප මත මුදා හැරියේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවියක් සහ සිසුන් තිදෙනෙකි.

 

සැකකාර සිසුවියට සහ සිසුන් තිදෙනාට පොලිසිය වෙන් වෙන් වශයෙන් කියවා දුන් පසුව බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝබන ලෙස හැසිරුනු බවට තමන්ට එරෙහිව පෙලිසිය නගන චෝදනාවට තමන් වරද පිළි ගන්නා බවත් සැකකාර සිසුවිය පමණක් නීතිඥ සංජය රත්නායක මහතා විසින් අධිකරණයට පැවසුවාය.


බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසුරුනු බවට පොලිසිය තමන්ට එරෙහිව නගන චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව සෙසු සැකකාර සිසුන් තිදෙනා නීතිඥ දුලානි කවීෂා මෙනවිය මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

 

සැකකාර සිසුවිය සහ සිසුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළ පසු සැකකාර සිසුවිය සහ සිසුන් තිදෙනා බීමත්ව සිටින බවට අදාළ වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර ඇති බවට සනාථ කෙරෙන වෛද්‍ය පරික්ෂණ වාර්තාද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

views

370 Views

Comments

arrow-up