ආර්ථික ඝාතකයන් මානව හිමිකම් කවුන්සිලයට ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ආර්ථික ඝාතකයන් මානව හිමිකම් කවුන්සිලයට ?

ආර්ථික ඝාතකයන් මානව හිමිකම් කවුන්සිලයට ?

 

රටේ ආර්ථිකයට කළ අපරාධය සම්බන්ධයෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

 

 

රටේ ආර්ථිකයට කරන විනාශය ආර්ථික අපරාධ ලෙස ලෝකය හඳුන්වන බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ශ්‍රී ලංකාවේ සිදුවූයේද එවැනි අපරාධයක් බව ප්‍රකාශ කළේය.

 

 

රටේ විදේශ මුදල් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන විස්සකට අඩු වී තිබියදී එය පාර්ලිමේන්තුවට දැනුම් දීමට කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කළේ බරපතළ වරදක් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

views

273 Views

Comments

arrow-up