හිරුණිකාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට පැය 05ක ප්‍රකාශයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) පැය 05ක ප්‍රකාශ සටහන් කිරීමක් සිදුකර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබූ බව ප්‍රකාශය ලබාදීමෙන් පසු පිටතට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
නිවසට ගිනි තැබූ පුද්ගලයන් හැමෝම නිදැල්ලේ පසුව නතර මෙලෙස ගෙන්වා ඇත්තේ ඇය වගේම කලින් සිටම අරගලයේ සිටි පුද්ගලයන් බවත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඇය වැඩිදුරටත් පැවසූයේ,
“අපි තමයි මේ අරගල කරලා ඔබට ජයග්‍රහණ ලබාදුන්නේ. අපට ඕන වුණේ නෑ රනිල් ජනාධිපති කරන්න. හැබැයි එහෙම වුණා.”
216 Views
Comments