අම්බලන්ගොඩ ඌරාවත්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පසුගිය මස 26 වනදා අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කරන ලදී.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
හෝමාගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ඊයේ (19) මොවුන්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මෙම පිරිස සැඟවී සිටි නිවසේ 64 හැවිරිදි කාන්තාවක් ද මෙම පිරිසට නවාතැන් සහ රැකවරණය දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, පතොරොම් ගැබක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 3ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
265 Views
Comments