ඉන්දියාවට හොර පාරෙන් පනින්න හැදූ තවත් 13ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

ඉන්දියාවට හොර පාරෙන් පනින්න හැදූ තවත් 13ක් අත්අඩංගුවට

ඉන්දියාවට හොර පාරෙන් පනින්න හැදූ තවත් 13ක් අත්අඩංගුවට

යාපනය පලාලි මුහුදු තීරය ඔස්සේ අනවසරයෙන් ඉන්දියාවට යාමට උත්සහ දැරූ පුද්ගලයන් 13 දෙනෙකු සහ බෝට්ටු 02ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රීකුණාමලයේ තිල්ලෙයිනගර් සිට පලාලි ප්‍රදේශයට පැමිණ ඇති අතර අනතුරුව පලාලි ප්‍රදේශයෙන් බොට්ටු දෙකක් මඟින් පලාලි මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැන යාමට උත්සහ දරා ඇතැයි අනාවරණය වී ඇත.

 

මෙම පිරිස පලාලි මුහුදු මාර්ගයන් හරහා ගමන් කරමින් සිටින අතරතුර උතුරු නාවික විධානයට අයත් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම පිරිස බොට්ටු දෙකක්, ඉන්ධන තොගයක්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පසුව පලාලි පොලීසියට භාරදීමට කටයුතු කර තිබුණි.

 

නාවික හමුදා භාරයට පත් වූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු පිරිමි තිදෙනෙකු සහ ළමයින් පස් දොනකු වන අතර පලාලි ප්‍රදේශයේ පදිංචි බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙකුද වන බව පොලිසිය පවසයි.

views

610 Views

Comments

arrow-up