බිරිඳ මියගිය සොවින් සැමියා ළිඳට පැන සියදිවි නසාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

බිරිඳ මියගිය සොවින් සැමියා ළිඳට පැන සියදිවි නසාගනී

බිරිඳ මියගිය සොවින් සැමියා ළිඳට පැන සියදිවි නසාගනී

තම නිවසේ ඇති ළිඳට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මල සිරුරක් තලංගම පොලිසිය විසින් සොයාගෙන තිබේ. 

 

ඊයේ(20) පෙරවරුවේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් තිබෙන්නේ මාලබේ, ගෝනවත්ත පාර පදිංචි මුකදංගෙයි චල්මන්(88) නමැති විශ‍්‍රාමික මහ බැංකු නිලධාරියෙකි.

 

තලංගම හදිසි මරණ පරීක්ෂකතුමිය ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කළාය.

 

මෙලෙස මියගිය තැනැත්තාගේ බිරිඳ මීට මාසයකට පමණ ඉහතදී මියගොස් ඇති අතර මොහු ඒ පිළිබඳව සිත් තැවුලෙන් සිට තිබේ. 

 

දියවැඩියා රෝගය හේතුවෙන් පාදයක් අහිමිව රෝද පුටුවේ සිට ඇති බව මරණ පරීක්ෂණයේදී ඔහුගේ දියණිය පවසා ඇත. 

 

තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

913 Views

Comments

arrow-up