ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජනපති හමු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජනපති හමු වෙයි

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජනපති හමු වෙයි

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී (Chief of Army Staff of Indian Army) ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා (General Manoj Mukund Naravane) ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී තිබෙනවා.

 

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා සාකච්ඡාව අරඹමින් සඳහන් කර ඇත්තේ.

 

යුද හමුදා සේවා කාලය තුළ තමා ඉන්දියාවේ දී ලද හමුදා පුහුණුවීම් සහ අත්දැකීම් පිළිබඳ ආවර්ජනය කළ ජනාධිපතිතුමා, ඉන්දීය හමුදා පුහුණුවීම් මගින් මෙරට හමුදා නිලධාරීන්ට ලැබෙන නායකත්ව හැකියාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

 

දේශ සීමා ගණනාවකින් වටව ඇති ඉන්දීය රජයේ ආරක්ෂාව තහවුරු කරගැනීම, කඳු ආශ්‍රිත දුෂ්කර ප්‍රදේශවල දී හමුදා සුබසාධන කටයුතු සහ ඉන්දීය හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන නිලයන් පිළිබඳ ජනාධිපතිවරයා ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතාගෙන් තොරතුරු විමසා තිබෙනවා.

 

බලසේනාධිපතිවරයෙකු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය යුද හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර ඒ ඒ නිලයන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාවන් පිළිබඳ ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

views

657 Views

Comments

arrow-up