කාලගුණයෙන් අපදාවට ලක්විය හැකි ප්‍රදේශ 12 ක් - නාවික හමුදා සහන කණ්ඩාම් ස්ථානගත කරයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
23

කාලගුණයෙන් අපදාවට ලක්විය හැකි ප්‍රදේශ 12 ක් - නාවික හමුදා සහන කණ්ඩාම් ස්ථානගත කරයි (PHOTOS)

කාලගුණයෙන් අපදාවට ලක්විය හැකි ප්‍රදේශ 12 ක් - නාවික හමුදා සහන කණ්ඩාම් ස්ථානගත කරයි (PHOTOS)

ඉන්දියානු සාගර කලාපයේ අන්දමන් දූපත් අසල ඇති වී තිබෙන අඩු පීඩන කලාපය මේ වන විට වර්ධනය වීම හේතුවෙන් හෙට දිනය වන විට සුළි කුණාටු තත්වයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

මෙම සුළි කුණාටුව හෙට දිනයේ දී ඉන්දියාවේ බටහිර ප්‍රදේශයට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසා සිටියා.

 

මේ හේතුවෙන් මෙරට ප්‍රදේශ ගණනාවකට වැසි ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල ගැඹුරු මුහුදු කලාපයේ නාවික හා ධීවර කටයුතු වල නිරත වන ධීවර ප්‍රජාව එම කටයුතු වලින් හෙට දිනයේ දී ඉවත් වන ලෙසත් අතුල කරුණානායක මහතා ඉල්ලා සිටියා.

 

එමෙන්ම නිරත දිග මෝසම දිවයින තුල සක්‍රීය වීමත් සමග ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ 12 ක් නම් කර තිබෙනවා.

 

දිවයිනේ කොළඹ, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර, හම්බන්තොට, කුරුණෑගල, සහ මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට මෙයින් දැඩි බලපෑම් එල්ල විය හැකි බව ආපදාකළමනාකරණ ඒකකය අනතුරු අඟවනවා.

 

පවත්නා අයහපත් කාලගුණ තත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීම අද දිනයේ දී සිදුවුණා.

 

ඒ අනුව තවලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිනිදුම බල ප්‍රදේශය, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාගොඩ ප්‍රදේශයටත් නාවික සහන කණ්ඩායම් 04ක් ස්ථාන ගත කර තිබෙනවා.

 

මීට අමතරව අවශ්‍ය වුවහොත් ක්ෂණිකව ක්‍රියා කිරීම සඳහා තවත් නාවික සහන කණ්ඩායම් 08ක් සූදානමින් තබා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

 

ඊට අමතරව බස්නාහිර පළාතේ නාවික සහන කණ්ඩායම් 26ක්, උතුරුමැද පළාතට නාවික සහන කණ්ඩායම් 05ක්, වයඹ පළාතට නාවික සහන කණ්ඩායම් 18ක්ද මේ වන විට සූදානම් කර තිබෙනවා.

 

 

views

1720 Views

Comments

arrow-up