නිරෝධායන නීති නොතකා පවත්වාගෙන ගිය මොරටුවේ Online ගනිකා නිවාසයක් වටලයි (VIDEO)
-ayoeN7458b.jpg)
මොරටුව වීරපුරන්අප්පු මාවතේ නිවසක් තුළ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට මොරටුව පොලිසිය සමත්වී තිබෙනවා. Online ක්‍රමයට පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානට, වෙබ් අඩවි හා ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කර තිබුණු බවටද තොරතුරු වාර්තා වෙනවා.
කාන්තාවන්ගේ රූ සපුව පෙන්වා පාරිභෝගිකයන් ගෙන්වා ගන්නා මෙම ගණිකා මධ්‍යස්ථානය පොලිසිය විසින් වටලන අවස්ථාවේදී සුරූපී කාන්තාවන් තුන් දෙනෙකු සහ ඔවුන්ගේ සේවය ලබාගෙන පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේ නමුත් පොලිසිය එහි යන විට එක් පුද්ගලයෙකු කාන්තාවන් දෙදෙනෙකු සමග සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම සුරූපී කාන්තාවන් වයස අවුරුදු 35, 37, 40 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වෙන සේවා සපයා ඇත්තේ රුපියල් 10 000 පමණ මුදලකටයි.
අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 32 යව වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් දෙදෙනා බස් රථ රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
පවතින කොරොනා අවදානම් තත්ත්වයද නොසලකා ඔවුන් මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති අතර නිවසේ පිටුපස දොරටුවෙන් ගනුදෙනුකරුවන් ඇතුලු කරගෙන තිබෙන බවද වාර්තා වනවා.
මෙම සැකකරුවන් සියලු දෙනා දින 14ක නිරෝධායනය කාලයකින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
4796 Views
Comments