ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු මුද්‍රණය කරන ජාවාරමක්

මෙරටදී ව්‍යාජ ලෙස ඇමරිකානු ඩොලර් නෝට්ටු මුද්‍රණය කරන නීති විරෝධී ජාවාරමක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මීට පෙර ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම වරදට අත්අඩංගුවට ගෙන මේ වන විට සිරගත කොට සිටින සැකකරුවන් 8 දෙනෙකු ගෙන් ලබාගත් පාපොච්චාරණයකට අනුවයි මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ.
කන්තලේ සහ අනුරාධපුර ප්‍රදේශවල ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන සැකකරුවන් කිහිප දෙනෙක් පසුගිය මාස දෙකක කාල සීමාව තුළ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන්ගෙන් දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මෙලෙස ශ්‍රී ලංකා රුපියල් නෝට්ටුවලට අමතරව ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු මුද්‍රණය කරන බවට අනාවරණය වී තිබුණේ.
මේ ආකාරයෙන් මුද්‍රණය කරන ව්‍යාජ නෝට්ටු මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන වලට සහ මූල්‍ය ආයතන වලට හුවමාරු කරන බව අනාවරණය වී තිබෙනවා.
එලෙස ව්‍යාජ ඩොලර් නෝට්ටු ලැබුණු අයෙකු වේ නම් පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයේ 0112 326 670 සහ 0112 350 145 යන දුරකථන අංක වලට තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
1211 Views
Comments