රට තුල සිටින විදේශිකයන්ට සංචරණයට බාධාවක් නෑ - සංචාරක සංවර්ධන අධිකාරිය

මේ වනවිට ලංකාව තුළ සිටින සංචාරකයන්ට රට තුළ සංචාරය කිරීමේ හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසන්නේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිතා කරමින් සංචාරක බුබුළු ක්‍රමයට සංචාරකයින් රැගෙන යන ලෙස අදාළ ආයතන වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කළා.
එම නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන ආයතන වෙත හා පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඇය ප්‍රකාශ කළා.
1136 Views
Comments