කොවිඩ් ආසාදිත දෙවන ගැබිනි මරණය වාර්තා වේ - මිය යාමට ප්‍රථම මළ දරු උපතකුත් සිදු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
09

කොවිඩ් ආසාදිත දෙවන ගැබිනි මරණය වාර්තා වේ - මිය යාමට ප්‍රථම මළ දරු උපතකුත් සිදු කරයි

කොවිඩ් ආසාදිත දෙවන ගැබිනි මරණය වාර්තා වේ - මිය යාමට ප්‍රථම මළ දරු උපතකුත් සිදු කරයි

මේ අතර කොරෝනා ආසාදිත දෙවන ගැබිණි මරණය අද වාර්තා වුණා ඒ අනුව මෙලෙස මියගොස් තිබුණේ 44 හැවිරිදි වියේ පසු වූ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

 

ඇය මීට පෙර දරුවෙකු නොමැතිවීම හේතුවෙන් නළ දරු ක්‍රමයක් ආධාරයෙන් දරු පල ලැබීමට අපේක්ෂාවෙන් සිටි කාන්තාවක්.

 

මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එහි එක්මෝ යන්ත්රයක ප්‍රතිකාර ලබමින් සිටියදී මීට දින කිහිපයකට පෙර ඇය විසින් මළ දරු උපතක් ද සිදුකළා.

 

කෙසේ නමුත් දින 11ක කාලයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ යන්ත්‍රය ආධාරයෙන් ජීවිතය අයැද සිටි ඇය අද මියගොස් තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑමෙන් ඇගේ මොළයේ යම් ඉදීමීමක්ද දක්නට ලැබුණු බව විශේෂඥ වෛද්‍යවරුන් පවසා තිබුණා.

 

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි ලංකා ප්‍රියදර්ශනී නම් 44 හැවිරිදි කාන්තාවයි.

 

 

views

11171 Views

Comments

arrow-up