රාජ්‍ය ආයතනවල ගර්භනී සේවිකාවන් සේවයට කැඳවීම තාවකාලිකව නවතයි - චක්‍රලේඛනය හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
09

රාජ්‍ය ආයතනවල ගර්භනී සේවිකාවන් සේවයට කැඳවීම තාවකාලිකව නවතයි - චක්‍රලේඛනය හෙට

රාජ්‍ය ආයතනවල ගර්භනී සේවිකාවන් සේවයට කැඳවීම තාවකාලිකව නවතයි - චක්‍රලේඛනය හෙට

මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින covid-19 වසංගත තත්වය හමුවේ රාජ්‍ය සේවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ කරගෙන යෑමට අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන්ට මේ වනවිට අවසර ලබාදී තිබෙනවා.

 

මේ පිළිබඳව තීරණය අද (09) පැවැති සාකච්ඡාවක දී ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් J.J රත්නසිරි මහතා පැවසූවා.

 

ඒ අනුව අදාල චක්‍රලේඛනය හෙට (10) දිනයේ දී නිකුත් කිරීමට නියමිත අතර එයට අනුව හෙට දිනයේ සිට ගර්භනී කාන්තාවන් සේවයට කැඳවීම සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා.

views

1500 Views

Comments

arrow-up