ඉන්දියානු ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට ඇමරිකාව සමඟ සාකච්ඡා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
02

ඉන්දියානු ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට ඇමරිකාව සමඟ සාකච්ඡා

ඉන්දියානු ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට ඇමරිකාව සමඟ සාකච්ඡා

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මේ වනවිට මාත්‍රා ලක්ෂ 6ක හිඟයක් ශ්‍රී ලංකාව තුළ පවතිනවා.

 

මේ වන විට ඉන්දියාවේ පවතින තත්වය හේතුවෙන් එම ප්‍රමාණය ලබාගැනීමට අසීරු තත්වයක් උදාවී තිබෙනවා. කෙසේ නමුත් මේ වන විට මෙරටට හිඟ මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණය ලබාගැනීම සඳහා ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

 

ඊට අමතරව ලබන සතියේ සිට ලැබීමට නියමිතව ඇති රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් 15,000 ක ප්‍රමාණය මෙරට වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට ලබා දීමට අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියා.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට දෙවන මාත්‍රාව නිර්දේශිත කාල සීමාව තුළ ලබාදීම සුදුසු බවයි.

 

එන්නතේ පළමු මාත්‍රාව වයස අවුරුදු 30 ත් 40 ත් අතර තරුණ පිරිස් තුළ සාර්ථකව ප්‍රතිශක්තිකරණය ගොඩනැඟුව ද වයස්ගත පිරිස් අතර එවැනි ප්‍රතිශක්තියක් ඇති වී නොමැති බවද ඇය පෙන්වා දුන්නා.

 

කෙසේ නමුත් අද වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් 90 000 කට ආසන්න පිරිසකට ලබා දී තිබෙනවා.

views

1017 Views

Comments

arrow-up