ඉටුකම අරමුදලේ ගිණුම් විගණනයට - දැනුවත් කිරීම් සඳහා පමණක් කෝටි 6 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

ඉටුකම අරමුදලේ ගිණුම් විගණනයට - දැනුවත් කිරීම් සඳහා පමණක් කෝටි 6 ක්

ඉටුකම අරමුදලේ ගිණුම් විගණනයට - දැනුවත් කිරීම් සඳහා පමණක් කෝටි 6 ක්

ඉටුකම කොවිඩ් අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත භාර දී තිබෙනවා. මේ වන විට ඉටුකම අරමුදලට රුපියල් එකසිය හැත්තෑ පන් කෝටි විසි හතර ලක්ෂ දෙදහස් හත්සිය අනූ තුනයි ශත විසිහතරක මුදලක් එකතු වී තිබෙන බවත් ඉන් තිස් නව කෝටි දහහතර ලක්ෂ හැත්තෑ නව දහස් අටසිය විසි හතරක මුදලක් වැය කර ඇති බවත් ඉටුකම භාරකාර අරමුදලේ කළමනාකරණ මණ්ඩලය ප්‍රකාශ කරනවා.

 

එසේ වැය කර ඇති මුදල එකතු වූ සමස්ත මුදලින් 23% වන අතර ඉතිරිව ඇති ශේෂය මෙරට එන්නත්කරණය සඳහා වැය කිරීමට රජය අපේක්ෂා කරන මුදලට වඩා කුඩා ප්‍රමාණයක් බව ද වාර්තා වනවා.

 

කෙසේ නමුත් මෙම අරමුදලෙ ඉතුරුව ඇති මුදල් ප්‍රමාණය එන්නත් කරන කටයුතු සඳහා යෙදවීම වැදගත්කම උඩුගම අරමුදලෙ භාරකාර මණ්ඩලය විසින් පෙන්වා දී තිබෙනවා.

 

ඒ අනුව ඉතිරිව ඇති රුපියල් එකසිය තිස්හය කෝටි නවලක්ෂ විසි දෙදහස් නවසිය හැට නවයක මුදල එන්නත්කරණ කටයුතු සඳහා යෙදවීමට රජය බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

කෙසේ නමුත් ඉටුකම කොවිඩ් අරමුදලට වියදම් කර ඇති මුදල් ප්‍රමාණයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ එහි දැනුවත් කිරීමේ කටයුතු සඳහායි එසේ වියදම් කර ඇති මුදල හයකෝටි හැත්තෑ පන් ලක්ෂ හතලිස් තුන්දහස් නවසිය හැට හතක්.

 

තවත් හාරකෝටි විසිහය ලක්ෂ පන්දහස් අටසිය දොළහක මුදලක් කොරෝනා ආශ්‍රිත පරීක්ෂණ සඳහා වියදම් කර තිබෙනවා.

 

මෙරට ක්‍රියාත්මක වූ නිරෝධායන කටයුතු සඳහා වැය වූ මුදල ලෙස ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ ඇති වීඩියෝවක දක්වා ඇත්තේ රුපියල් තුන්කෝටි අසූ ලක්ෂ තිස් එක්දහස් හැට පහක් බවයි.

 

මීට අමතරව තවත් රුපියල් 3000ක මුදලක් පරිපාලන වියදම් ලෙස වැය කර තිබෙනවා.

views

1324 Views

Comments

arrow-up