කොරෝනා මරණ අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම 30 වනදා

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කල යුතු බවට පනවා ඇති නියමයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ඒ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ඇතුලු පිරිසක් විසින් මෙම පෙත්සම ගොණු කළා.
ඔවුන් පෙන්වා දෙන්නේ මළ සිරුරු අනිවාර්ය ආදාහනය සිය ආගමික ඇදහීමට පටහැණි බවයි.
663 Views
Comments