කුඩ්ඩෙකුට ඇප දෙන්න කෝටි එක හමාරක් අල්ලස්ගත් සැරයන්ට ස්ථාන මාරුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

කුඩ්ඩෙකුට ඇප දෙන්න කෝටි එක හමාරක් අල්ලස්ගත් සැරයන්ට ස්ථාන මාරුවක්

කුඩ්ඩෙකුට ඇප දෙන්න කෝටි එක හමාරක් අල්ලස්ගත් සැරයන්ට ස්ථාන මාරුවක්

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

පොලිස්පති නියමයෙන් මෙම පොලිස් සැරයන්වරයා ස්ථාන මාරු කර යවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි. 

 

මෙම සිද්ධියට අදාළ දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටි "කාන්චන" නැමැත්තා සහ තවත් ප්‍රබල දේශපාලනඥයකු සමඟ සමීපතම සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බව කියන "සෆ්රාස්" යන අය සම්බන්ධ කර දී ඇත්තේ මෙම පොලිස් සැරයන්වරයා බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

 

මෙම පොලිස් සැරයන්වරයා කාලයක් තිස්සේ අදාළ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියන කාංචන නමැත්තා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද පැවසේ.

views

700 Views

Comments

arrow-up