MAR
22
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් අද

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු හයට අරලියගහ මන්දිරයේ දී ආරම්භ වනවා.
රට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරු 11.30 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිතයි.
694 Views
Comments