තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා නම් කල කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ඔහුට සහභාගිවීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා
මේ අතර හෙට අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා.
ලහිරු කුමාර වෙනුවට කණ්ඩායමට නම් කරන ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වනවා.
652 Views
Comments