ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ක්‍රීඩකයින් අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවට නොතීසි නිකුත් කළේය.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි සහ විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම් ගොනුකර තිබිණි.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේ කැදවිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බැවින්, මීළඟ නිලවරණයට පෙර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදුවිය යුතු බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එබැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් ට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියෙට් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය මිල්හාන් මොහොමඩ් යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම පෙත්සම ලබන මාර්තු 15 වැනිදා කැඳවේ.
689 Views
Comments