කාන්තාවකට අතවර කල දොස්තරට වැඩ වරදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

කාන්තාවකට අතවර කල දොස්තරට වැඩ වරදී

කාන්තාවකට අතවර කල දොස්තරට වැඩ වරදී

තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ කළුතර ප්‍රදේශයේ ඔසු සලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

60 හැවිරිදි අදාළ කාන්තාව මීට සතියකට පමණ පෙර තම අතෙහි ඇඟිල්ලෙහි වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදී මෙම තැනැත්තියගේ ශරීරයේද  තුවාල ඇත්දැයි පරීක්ෂා කිරීමට තමාට අවශ්‍ය බව පවසා සැකකාර වෛද්‍යවරයා විසින් රෝහලේ දොරවල් සියල්ල වසා දමා සවස 5 සිට රාත්‍රී හතයි තිහ පමණ දක්වා ඇයව ලිංගික අතවරයට ලක්කර තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා විසින් පසුව අදාළ කාන්තාවට මරණ තර්ජනය කර ඇති අතර එයින් බියවීමෙන් කාන්තාව සිද්ධිය සඟවා ගෙන තිබෙනවා. නමුත් පසුව ඇති වූ මානසික පීඩාවත් සමග ඇය මේ පිළිබඳව පොලිසියට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ. 

views

278 Views

Comments

arrow-up