හෙට පොහොර නැව එන වෙලාව වෙනස් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

හෙට පොහොර නැව එන වෙලාව වෙනස් වෙයි

හෙට පොහොර නැව එන වෙලාව වෙනස් වෙයි

ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව හෙට(09) රාත්‍රියේ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබුනද එම නැව හෙට උදෑසන 11ට කොළඹ වරායට ලඟාවන බව දැනුම් දී ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

 

යුරියා මෙට්‍රික් ටොන්. 65,000ක් සහිත පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන්. 40,000ක පළමු තොගය මෙම නැවේ ඇතුළත් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 25,000 දෙවන අදියර යටතේ ලැබීමට නියමිතය. 
 

views

233 Views

Comments

arrow-up