සිපෙට්කෝ ෂෙඩ් වැසි යද්දී අයි.ඕ.සී වැඩ පටන් ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

සිපෙට්කෝ ෂෙඩ් වැසි යද්දී අයි.ඕ.සී වැඩ පටන් ගනී

සිපෙට්කෝ ෂෙඩ් වැසි යද්දී අයි.ඕ.සී වැඩ පටන් ගනී

සියලු තෙල් සංස්ථා ඉන්ධනහල් වැසී යාමත් සමඟ ලංකා ඉන්දියානු ඔයිල් සමාගම සිය ඉන්ධන බෙදා හැරීම දෙගුණයකින් පුළුල් කොට තිබෙනවා.

 

එම සමාගම විසින් ඉන්ධන ප්‍රවාහනය කරන සියලු බවුසර් රථ සඳහා දැනුම් දී ඇත්තේ වගාම ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා සේවයට වාර්තා කරන ලෙසයි

 

ඒ අනුව ඉදිරියේදී එම සමාගම සතු ඉන්ධනහල් 210 සඳහාම අඛණ්ඩව ඉන්ධන සැපයීමක් සිදු කිරීමට හැකියාවක් පවතින බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා පවසනවා.

 

මෙම බෙදාහැරීම් සදහා 85 පමණ බවුසර් රථ යොදවා ඇති බවයි ඔහු කියා සිටියේ.

views

263 Views

Comments

arrow-up