ලක්ෂ දෙසීයක කේරළ ගංජා පානදුරෙන් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ලක්ෂ දෙසීයක කේරළ ගංජා පානදුරෙන් අල්ලයි

ලක්ෂ දෙසීයක කේරළ ගංජා පානදුරෙන් අල්ලයි

රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් වැන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද(09) අලු‍යම පොතුපිටියේදී අත්අඩංගුවට ගත්බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරත ”‍පානදුර සලිදු”‍ නැමැත්තාට අයත් කේරළ ගංජා බව පොලිසිය කියයි.

 

පානදුර සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය පොතුපිටිය මංසන්ධිය අසල ගාලු‍පාරේ නවතා පරීක්ෂා කිරීමේදී පොලිතින් උරවල අසුරා තිබූ කේරල ගංජා කිලෝ 63 යි ග්‍රෑම් 200ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවටගත් පොලිසිය වෑන් රථයද සිය බාරයට ගෙන ඇත.

 

සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 07 කට අධික ජාවාරම් මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

views

677 Views

Comments

arrow-up