විදෙස්ගතව විවිධ හිංසනයන්ට ලක්ව සිටි කාන්තාවන් පිරිසක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

විදෙස්ගතව විවිධ හිංසනයන්ට ලක්ව සිටි කාන්තාවන් පිරිසක් දිවයිනට

විදෙස්ගතව විවිධ හිංසනයන්ට ලක්ව සිටි කාන්තාවන් පිරිසක් දිවයිනට

ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ කරදර හිරිහැර වලට ලක්ව මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 16 දෙනෙකු අද(02) අලු‍යම මෙරටට පැමිණ ඇත.

 

ඔවුන් රත්නපුර, බදුල්ල, මහනුවර, කුරුණෑගල, හලාවත, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්වේ.

 

එම පිරිස සිය හාම්පුතුන් අතින් ලිංගික හිරිහැර, පහරදීම්, පිළිස්සීම්, වැටුප් නොගෙවීම් ඇතුළු විවිධ කරදර වලට ලක්වූ පිරිසක් බව වාර්තා වේ.

 

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ”‍සුරක්ෂා”‍  රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන සිටි එම පිරිස මෙලෙස මෙරටට එවා ඇති බව වාර්තා විය.

 

ගෘහ සේවිකාවන් පිරිස යළි ශ්‍රී ලංකාව වෙත එවීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් එක්ව කටයුතු කර තිබේ.

views

722 Views

Comments

arrow-up