නත්තල සමරන්න රතිඤ්ඤා ගේන්න ගිය සිව්දරු පියාට දිවි අහිමි කල මාරක රිය අනතුර

හලාවත, ආණමඩුව මාර්ගයේ පල්ලම සේරු කැලේ හංදිය ප්‍රදේශයේදී වු රිය අනතුරකින් බරපතල තුවාල ලැබු සිව් දරු පියෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පල්ලම පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් තිබෙන්නේ පල්ලම සේරුකැලේ විසු විමල් දබරේරා නමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා පාපැදියකින් සේරුකැලේ හංදියට පැමිණ නත්තලට දැල්වීම සඳහා රතිඤ්ඤා පැකැට්ටුවක් සමඟ විදුලි පන්දමක්ද මිළදි ගෙන ආපසු නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර අසල සවිකර තිබු සි.සි.ටී.වී දසුන් වලින් බලා විට පලා ගිය වැන් රථය හදුනා ගෙන ඇති අතර එම වෑන් රථය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
741 Views
Comments