කොටහලු සාදයේදී සූර්වී රේල් පාරේ නිදාගෙන දුම්රියේ ගැටී මිය යයි - කොවිඩුත් පොසිටිව්

මල්වර උත්සවයකට ගොස් අධික ලෙස බීමත්ව නිවසට පැමිණෙන අතරතුර දුම්රිය මාර්ගයේ නිදා ගත් පුද්ගලයෙකු දුම්රියේ ගැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ එම්. ඩී ජයරත්න නැමැති වයස අවුරුදු 55ක ණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අයගේ මරණ පරික්ෂණයට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි තහවුරුවී තිබේ.
ඉන්ධන ප්‍රවාහනය කල දුම්රියකට යටවීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා සමඟ මත්පැන් පානය කළ පුද්ගලයින්ට සහ එම සාදයට සහභාගීවූ පුද්ගලයන්ට කෝවිඩ් වැළදීමේ අවදානමක් ඇතැයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස් එස්. අයි දිසානායක සහ සුනිල් උක්වත්ත මහත්වරුන් පවසයි.
840 Views
Comments