දියවන්නා ඔයේ පාවෙන තෙල් තට්ටුව ට හේතුව සොයාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

දියවන්නා ඔයේ පාවෙන තෙල් තට්ටුව ට හේතුව සොයාගැනේ

දියවන්නා ඔයේ පාවෙන තෙල් තට්ටුව ට හේතුව සොයාගැනේ

පසුගිය සතියේ දියවන්නා ඔයෙහි පාවෙමින් තිබූ තෙල් තට්ටුව පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකළ විමර්ශන වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබෙනවා.

 

එම වාර්තාවේ දැක්වෙන්නේ කලක් තිස්සේ දියවන්නා ඔයට සම්බන්ධ  බුත්ගමුව ප්‍රදේශයේ ඇළකට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ නිසි පරිදි එහි ජලය ගලා නොයාම හේතුවෙන් ඇති වූ බැක්ටීරියා සහ දිලීර  නිසාවෙන් තෙල් තට්ටුව ඇතිවී ඇති බවයි.

 

රාජගිරිය බුත්ගමුව පාලම අසලදී පසුගියදා ලබාගත් ජල සාම්පල මඟින් මෙම පරීක්ෂණ සිදුකර තිබෙනවා.

views

600 Views

Comments

arrow-up