කුඹුර ලියා නොදුන්නැයි මන්ත්‍රී මවට හා පියාට පහරදෙයි - මව දැඩි සත්කාර ඒකකයේ

කුඹුරක් ලියා නොදුන්නේ යැයි උරණ වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් තම මවට සහ පියාට පහරදුන් බව කියන සිදුවීමක් සම්බන්ධව වැලිගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
මෙසේ පහරකෑමට ලක්වූ පියා දැනට අහංගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර මව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.
කාලයක් තිස්සේ පැවති කුඹුරක් සම්බන්ධ ආරවුලක් මූල්කරගෙන මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්වේ.
මෙම සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර මව්පිය දෙපලට පහරදීම් සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පවුලේ අනෙක් දරුවන් විසින් මාතර පොලිස් අධිකාරී කාර්යාලයටද පහරදීම සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
734 Views
Comments