සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව,රංජනුත් ඒ අතර?

සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව ඇත.
ඒ ඉකුත් 12 වනදාට යෙදුණු සිරකරු දිනයට සමගාමීවයි.
මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ දින නිදහස හිමිව ඇත්තේ සුළු වැරදී සඳහා බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් 89 දෙනෙකුට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. නිදහස හිමි වු සිරකරුවන් අතරට මහර බන්ධනාගාරයේ සිරකරුවන් 10 දෙනෙකු, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 07 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු ද අයත්.
කෙසේ වුවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට නිදහස හිමි වී නොමැත.
2423 Views
Comments