දෙමළ ඩයස්පෝරාවට ජනපති ගෝඨාභයගෙන් ඇරයුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අතර ඊයේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්විණි.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා සිටියේ ජාතීන් අතර සමඟිය වර්ධනය කරගනිමින් ඉදිරියට යාමට ඔවුන්ගේ උපරිම සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත් ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාව ට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
843 Views
Comments