එක්ස්ප්‍රස් පර්ල් ගොඩනැගීම චීන සමාගමකට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

එක්ස්ප්‍රස් පර්ල් ගොඩනැගීම චීන සමාගමකට

එක්ස්ප්‍රස් පර්ල් ගොඩනැගීම චීන සමාගමකට

පසුගිය වසරේ මෙරට මුහුදු තීරයේ ගිලීගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩනැගීමේ කටයුතු නැවේ හිමිකාර සමාගම විසින් චීන සමාගමක් වෙත පවරා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කර සිටිනවා.

එසේම මේ හේතුවෙන් වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කළ පළමු අතුරු වාර්තාව වන්දි ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යොමුකර ඇති බව ද පරිසර ආරක්ෂණ අධිකාරිය තවදුරටත් සඳහන් කර සිටියා.

ඒ අනුව එම ආයතනයේ උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර ප්‍රකාශ කර සිටියා.

views

231 Views

Comments

arrow-up