ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනතුරු බලා සිටි දරුවා ඩෙංගු මාරයාට බිළිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනතුරු බලා සිටි දරුවා ඩෙංගු මාරයාට බිළිවෙයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනතුරු බලා සිටි දරුවා ඩෙංගු මාරයාට බිළිවෙයි

යාපනය මීසාලෙයි වීරසිංහම් ප්‍රාථමික විද්‍යාලයේ වයස අවුරුදු 11ක ශිෂ්‍යයෙකු ඩෙංගු රෝගයට ගොදුරුව පසුගිය 14 වනදා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

වී. අජන්තන් හෙවත් අජේ නැමැති මෙම සිසුවා 2021 වසරට අදාළව පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මේ වසරේදී පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකි.

 

අජේ සිසුවාගේ පන්තියේ ගුරුවරයා සඳහන් කර තිබුණේ මෙම සිසුවා එම විභාගයෙන් ඉතා ඉහළ සාමාර්ථයක් පෙන්නුම් කරනු ඇතැයි විදුහලේ සියලූ දෙනා බලාපොරොත්තුවෙන් සිටි බවයි.

 

මේ වසරේ ජනවාරි මාසයේ දී යාපනයෙන් ඩෙංගු උණ රෝගය වැලඳුණු රෝගීන් 39දෙනෙකු හමු වූ අතර මීට පෙරද එක් පාසල් සිසුවෙකු ඩෙංගු උණ රෝගයට ගොදුරුව මරණයට පත්ව ඇත

views

607 Views

Comments

arrow-up