සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් හොරෙන් නත්තල් පාටි දැම්මොත් වැඩ වරදියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් හොරෙන් නත්තල් පාටි දැම්මොත් වැඩ වරදියි

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් හොරෙන් නත්තල් පාටි දැම්මොත් වැඩ වරදියි

පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කොළඹ නගරයේ හෝටල්වල සහ රාත්‍රී සමාජ ශාලා වල හෝ නිවෙස්හි නත්තල් සාද සහ අලු‍ත් අවුරුදු සාද පැවැත්වීම නොකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ එවැනි සාද පවත්වන්නේ නම් ඒ ගැන දුරකථන අංක 0112/676161 වෙත දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවද හෙතෙම පෙන්වාදෙයි.

views

975 Views

Comments

arrow-up