නිරෝධායනයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ PCR ප්‍රතිපල
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
12

නිරෝධායනයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ PCR ප්‍රතිපල

නිරෝධායනයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  PCR ප්‍රතිපල

නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින ක්‍රීඩකයන් 35 දෙනාටත්, පුහුණු කාර්ය මණ්ඩලයේ සහ පුහුණු පන්දු යවන්නන්ටත් කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ වලදී ඔවුන් කිසිවකුට කොරෝනා අසාදනය වී නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින්  තහවුරු කරනවා

 

පී.සී.ආර්. පරීක්‍ෂණ කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයද ඇතුළත් වන අතර කිසිවකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී තිබේ.

 

ක්‍රීඩකයන් සියලු දෙනාටම හෙට (12 වැනිදා) ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.

 

මේ මස 16 වැනිදා සිට නැවතත් පුහුණුම් ආරම්භ කිරීමට නියමිතයි

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය වෙනත් වකවානුවක් සඳහා කල්දමා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් සාකච්ඡා කරමින් සිටී.

 

ජාතික පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා අසාදනය වීම හේතුවෙන් ජාතික සංචිතයේ පුහුණුවීම් හදිසියේම නවතා දමන ලදි.

 

පසුව සියලු දෙනාටත් පුහුණු කාර්ය මණ්ඩලයටත් පී.සී.ආර්. පරීක්‍ෂණ කෙරිණ.

 

ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා සහ ළහිරු තිරිමාන්න තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

views

946 Views

Comments

arrow-up