අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ක මිල පහලට

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 27ක් ස්ථාවර මිලක් යටතේ ලබන සඳුදා සිට සතොස සහ සමූපකාර මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.
සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ ලබා ගැනීමේදී යම් ගැටළුවක් ඇති වෙතොත් ඒ පිළිබඳව විමසීම් කිරීම සඳහා 1998 ඍජු දුරකථන අංකයත්, යම් ස්ථානයක සිදුවන මිළගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකථන අංකයත් එළඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්රාකාශ කර සිටියේ.
908 Views
Comments